hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 01, ප.ව. 1:06



සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20% දක්වා අඩු කිරීම ජයග්‍රහණයක් බවයි.

මෙම නව බදු ප්‍රතිශත හරහා අපනයන තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බව මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම ඒ සඳහා කැපවී කටයුතු කළ සියල්ලන්ටම ස්තූතිවන්ත වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

සමාජ මධ්‍යයේ ඔහු තැබූ සම්පූර්ණ සටහන පහතින්,

”ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20%ක් දක්වා අඩුකිරීම ජයග්‍රහණයක් වන අතර ඒ තුළින් අපගේ අපනයන තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත.

ඒ පිළිබඳව මා හදවතින්ම සතුටුවන අතර මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ (තිරය ඉදිරිපස හා පිටුපස) සියල්ලන්ටත් කුඩා රටක් ලෙස අප හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් ස්තූතිවන්ත වෙමි.

මෙවැනි තත්ත්වයන් තේරුම් ගනිමින් ශ්‍රී ලංකාවේ තිබෙන වෙළෙඳ සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමග එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අවධාරණය කරමි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: