hit counter

2025 මැයි මස 20 වන අඟහරුවාදා

2025 මැයි 20, පෙ.ව. 12:03



2025 පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩු පක්ෂයට බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නියෝජිතයන් සතුට පල කරමින් අදහස් දැක්වූ නමුත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත ඊට වෙනස් ප්‍රතිචාරයක් දැක්වීය.

ඔහු පැවසූවේ එම සාකච්ඡාව සඳහා තමා සහභාගී නොවූ බවත් එහිදී සිදු වූ දේ පිළිබඳව තමාට අවබෝධයක් නොමැති බවත් ය.

එම සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ තමා වෙනත් සාකච්ඡාවක සිටි බව අද (19) මාධ්‍ය මේ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ අවස්ථාවේදී හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡාවට සහභාගී වූයේ කවුරුන්දැයි තමා නොදන්නා බවත්, එම සාකච්ඡාව පිළිබඳව ඊට සහභාගී වූවන්ගෙන් විමසිය යුතුව ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂය සමඟ එකඟතාවයක් ඇති කරගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ අවස්ථාවේදී,  හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැලකී සිටියේය.