hit counter

2026 ජනවාරි මස 09 වන සිකුරාදා

2025 ජූනි 14, පෙ.ව. 12:07



හිටපු අග විනිසුරු ජයන්ත ජයසූරිය එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ධුරයට පත් කළේ තමා නොවන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

එසේ පත්කිරීමේ පදනම ගැන තමන්ට අවබෝධයක් නොමැති බව ද එහි පවතින සදාචාරය ගැන කිසිවෙකුට ප්‍රශ්න කළ හැකි බවත් තමන් ඔවුන්ට විරුද්ධ නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුව ද ජනාධිපතිවරයා සිදුකළ පත්කිරීමක් වැරදි යැයි කීමට තමන්ට නොහැකි බව ද ඇමති හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි.

ස්වර්ණවාහිනී වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

ඇමති හර්ෂණ නානායක්කාර මේ බව ප්‍රකාශ කළේ, විශ්‍රාමික ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ විනිසුරුවරුන්ට මෙලෙස පත්වීම් ලබා දීම මගින් සේවයේ නියුතු පිරිසට ආණ්ඩුවට පක්ෂපාතී වීමට බලපෑම් කරන්නේ යැයි පසුගිය සමයේ විවේචනය කළ ජාතික ජන බලවේගය බලයට පත්ව මෙලෙස හැසිරීම සාදාචාරාත්මක දැයි විමසූ අවස්ථාවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: