hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 01, ප.ව. 12:27



ඇමෙරිකා එක්සත් ජනපදය සමග පැවැති තීරු බදු සාකච්ඡාවල සාර්ථකත්වය මත තවදුරටත් වෙළඳ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඇමරිකාව සමග පැවති සාකච්ඡාවලින් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ ආකාරයේ බදු සහනයක් ලබා ගැනීමට හැකිවූ බවයි.

කලාපයේ සෙසු තරගකරුවන්ට සමාන තිරැබදු අනුපාතයක් මේ හරහා ලබා ගැනීමට හැකි වූ බවද පැවසු ඔහු මේ මගින් ශ්‍රී ලංකාවේ වෙළඳපල කොටස පවත්වාගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද කියා සිටියේය.

හැකි නම් තවදුරටත් තීරුබදු අඩු කිරීම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රජය එක්සත් ජනපදය සමඟ කටයුතු දිගටම කරගෙන යන බව ඔහු තව දුරටත් පැවසුවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: