hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 07, පෙ.ව. 12:05



ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමයේ ලබා දුන් මත්පැන් බලපත්‍රවලට අදාළ නඩුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබේ.

එමගින් ඉල්ලා ඇත්තේ අදාළ මත්පැන් බලපත්‍ර නිත්‍යානුකූලව ලබා දී ඇති බවත් ඒවාට එරෙහිව නගා ඇති චෝදනා ඉවත් කර ඊට ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දෙන ලෙසත් ය.

මෙම බලපත්‍ර අනීතිකව සිය මිතුරන්ට ලබා දී අති බවට සහ සිය ආණ්ඩුවක් යටතේ ඒවා නැවත පවරා ගන්නා බවට එකල මාලිමාවේ නායකයන් දැඩි චෝදනා නැගූ අතර එම චෝදනා පදනම් කරගෙන අදාළ නඩුව ගොනුකර තිබුණේ සාලිය පීරිස් ඇතුළු විසිනි. ඔහු සාක්ෂිකරුවෙකු ලෙස ඇමති වසන්ත සමරසිංහ නම් කළ ද ඔහු උසාවියට පැමිණියේ ද නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: