hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 10:01



දෙමළ ජාතික සන්ධානය හා තවත් ස්වේච්ඡා සංවිධාන කිහිපයක් විසින් අප්‍රේල් මස 25 වැනිදා උතුරු – නැඟෙනහිර පළාත්වල පූර්ණ හර්තාලයක් පවත්වන ලෙස දැනුම් දී තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයකු කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත්, උතුරු- නැඟෙනහිර පළාත්වල ඉඩම් අයිතිය වෙනත් පාර්ශ්වවලට ලබාදීම, ආගමික ස්ථාන පිළිබඳව ගැටලුව, පුරාවිද්‍යා නටබුන් ලෙස  සලකා දෙමළ ජාතිකයන්ගේ ඉඩම් කොල්ලකෑම ඇතුළු හේතූන් කිහිපයකට විරෝධය පළ කිරීම සඳහා මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවයි.

උතුරු – නැඟෙනහිර පළාත්වල පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන දිනයේදී සියලුම වෙළෙඳසල් වසා දමන ලෙසත් ගමනාගමන කටයුතු පවත්වා ගෙන යෑම අත්හිටුවන ලෙසත් ඉල්ලා ඇති සංවිධායකයන් රජයේ සේවකයන්ද මෙම පූර්ණ හර්තාලයට සහාය ලබා දිය යුතු බව දැනුම් දී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අප්‍රේල් මස 25 වැනිදාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එදිනට පාර්ලිමේන්තුව තුළද විරෝධතාවක් ක්‍රියාත්මක කිරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු කටයුතු සැලසුම් කොට තිබෙනවා.