2023 අප්‍රේල් 25, පෙ.ව. 11:56
            
මුලතිව් සිට යාපනය දක්වා ධාවනය වූ ලං ග ම බස් රථයකට අද (25) උදෑසන කාලයේදී මුලතිව් සෙල්වපුරම් ප්‍රදේශයේදී එල්ල වූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් බස් රථයේ රියදුරු තුවාල ලබා ඇතැයි මුලතිව් පොලීසිය පැවසුවා.
ලං ග ම බස්රථය අද අලුයම මුලතිව් සිට ඒ-30 මාර් ගය ඔස්සේ යාපනය දක්වා ධාවනය ළුූ අවස්ථාවේදී සෙල්වපුරම් ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ගල් ප්‍රහාරය එල්ල කොට පලා ගිය බවට බස් රථයේ රියදුරු පොලීසියට පවසා තිබෙනවා.
ගල් ප්‍රහාරය හේතුවෙන් බස්රථයේ ගමන්ගත් මගීන්ට හානියක් සිදු නොවුනද රියුදුරුට පමණක් සුලු තුවාල සිදුව ඇති අතර ඒ පිළිබඳව මුලිතව් පොලීසියට දැනුම්දීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර වරයා පියවර ගන්නා ලදි.
අනතුරුව මුලතිව් පොලීසියේද ආරක්ෂාව යටතේ ලංගම බස් රථ ධාවනයට සිදුකෙරුණා.
කෙසේ වෙතත් මුලතිව් දිස්ත්‍රීක්කය ඇතුලු උතුරු පලාතේ ක්‍රියාත්ම හර්තාලය අතරතුර බස්ධාවනට විරෝධය පෑ කිසියම් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලීසිය සැකපල කරන අතරම ගල් ප්‍රහාරය එල්ල කරන ලද පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.
උතුරු පලාත පුරා හර්තාලය ක්‍රියාත්මක වුවද උතුරේ පෞද්ගිලක බස් සියල්ලක්ම ධාවනයෙන් ඉවත් වී තිබුනද මුලතිව් මෙන්ම සෙසු දිස්ත්‍රීක්ක වන වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි ලංගම බස්රථ ධාවනය සිදු කෙරෙයි.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07