hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 22, ප.ව. 2:28



පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් ඇගයීම සඳහා ඉකුත් අප්‍රේල් 17 සහ 18 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමක් අනුව බව වාර්තා වෙයි.

අදාළ උත්සවයට සිසුන් සහ ඔවුන්ගේ මව්පියන් 30,000කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ඉකුත් 08 වනදා ලිපියක් මඟින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.

එම උත්සවය සංවිධානය කර තිබුණේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් විසිනි. එම ගුරුවරිය අදාළ උත්සවයට පොලිස් රථ සහ ආරක්ෂාව මධ්‍යයේ රථ පෙළකින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණීම බෙහෙවින් කතාබහට ලක්විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: