hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2024 මාර්තු 11, පෙ.ව. 12:13



‍දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ බලපෑ හැකි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත්, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වය හෙට දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවයි.

හෙට දිනයේදී වැඩි වේලාවක් එළිමහනට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයන් ඇති විය හැකි බවත්, විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරළීම් ඇතිවිය හැකි බවත් අදාළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට සහ එළිමහන් ක්‍රියාකාරකම්වලින් වැළකී සිටීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටින්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: