hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 18, පෙ.ව. 10:58



රත්නපුර ගැටන්ගම සහ ඇඹිලිපිටිය නගරයේ වායූ ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්‍යේක්ෂණ සංවිධානය පවසනවා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර හා දකුණ යන පළාත්වලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයට මෙම තත්ත්වය ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ නිසා වැඩබිම් තුළ රැදී සිටින්නේ නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් විය යුතු බවත් දැනුම් දෙනවා.

වාහන තුළ කුඩා ළමයින් තනිවම රදවා නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: