hit counter

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

2025 පෙබරවාරි 25, පෙ.ව. 12:07



දිස්ත්‍රික්ක කිහිපයක පවතින අධික උණුසුම් කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම මෙලෙස අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවය.

ඒ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතු බවත් එමගින් දක්වා ඇත.

තවද සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් පළඳින ලෙසත් අධික වෙහෙසෙකර කටයුතු සීමා කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: