2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:05
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා වැඩිහිටි පුද්ගලයකු ජලය ලීටර් 3ක් ද පාසල් දරුවන් ජලය ලීටර් 2ක් ද පානය කිරීම ඉතා සුදුසු බව පෝෂක විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවැසුවාය.
ජලය වැඩිපුර පානය නොකිරීමෙන් පුද්ගලයකු විජලන තත්ත්වයට පත්විය හැකි බවද ඈ කියා සිටියාය.
එසේම මේ දිනවල අඩුම තරමින් විනාඩි 20ක් පමණ ස්නානය කිරීම ශරීර සෞඛ්‍යයට ඉතා යෝග්‍ය බවද ඇය කීවාය.
එමෙන්ම අධික අව්ව ඇති මේ කාලයේ ගමනක් බිමනක් යනවිට අව්රශ්මියෙන් බේරීමට සුදුසු ක්‍රීම් වර්ගයක් අත්පාවල තවරාගෙන යෑම සුදුසු බවද වෛද්‍යවරිය පවසයි.
එසේම මෙම දිනවල කොමඩු, කැකිරි, පිපිඤ්ඤාවලින් බීම සාදා පානය කිරීම ද ඉතා සුදුසු බවත් තැඹිලි හා දෙහි පානය කිරීම ද ශරීර සෞඛ්‍යයට යෝග්‍ය බවත් ඇය සඳහන් කළාය.
වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ට මේ කාලයේ පිපාසාව නොදැනී විජලන තත්ත්වයට පත්වී වෙනත් ආබාධ තත්ත්වයන්වලට ලක්විය හැකි බවද එබැවින් එවැනි වැඩිහිටියන්ට නිරතුරුව ජලය පානය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ද ඇය ඉල්ලා සිටියාය.
එසේම එළිමහනේ සිටිනවිට සුදු පැහැති කපු ඇඳුමින් සැරසී සිටීම ඉතා සුදුසු බවද වෛද්‍යවරිය කියයි.
2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:06
2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:05
06-09-25
06-09-25
06-09-25
06-09-25
05-09-25
05-09-25
04-09-25
04-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
29-08-25
29-08-25
28-08-25
28-08-25
27-08-25
27-08-25