hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් 06, ප.ව. 12:38



අද(06) දිනයේත් දිවයිනේ ප්‍රදේහ රැසකටම උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර , සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ , උතුරු සහ උතුරු – මැද පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ප්‍රදේශවලට උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි.

මේ හේතුවෙන් සෙවණ සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් ජනතාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

විශේෂයෙන් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ සැලකිලිමත් විය යුත් බවත් සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කරන ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් වැඩිදුරටත් ඔවුන් දැනුම් දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: