hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 12, ප.ව. 3:09



මෙරට විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් මෙතෙක් තරණය කරනු ලැබූ ඉහළම උසකින් යුත් ඉන්දියාවේ හිමාලයානු කඳු පන්තියට අයත් Isaland peak ශිඛරය තරණය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාල හිමාල ගවේෂණ ශිෂ්‍ය කණ්ඩායම තම ඉලක්කය ජයග්‍රහණය කොට 11 දින නැවතත් මෙරටට පැමිණියා. 

හිමාල කඳු පන්තියේ මීටර් 6200 ක් උසකින් පිහිටි මෙවැනි උන්නතාංශයකට ළඟා වූ මෙරට ප්‍රථම විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම වශයෙන් මෙම කණ්ඩායම වාර්තාගත වෙයි.                                                              

අප්‍රේල් මස 11 මෙරටින් පිටත්ව ගිය සය දෙනෙකුගෙන් යුක්ත වූ ගවේෂණ කණ්ඩායමේ නායකත්වය ඉංජිනේරු පීඨයේ හර්ෂ ධර්මප්‍රිය විසින් හොඹවන ලද අතර ආර් .එම්.ටී.ටී.බී. සමරකෝන්  (විද්‍යා පීඨය) , එච්.එම්.සී.එච්. මඩවල ( ඉංජිනේරු පීඨය), ඩබ්ලිව්.එච්.එම්. ඩිල්ෂාන් (කලා පීඨය) ,එම්.එම්.එච්.ආර්.බී. මාන්නප්පෙරුම (කෘෂි පීඨය) හා එකම ශිෂ්‍යාව වූ එම්.ඒ. සඳුනි කාංචනා (ඉංජිනේරු පීඨය) යන සිසු සිසුවියන් ගවේෂණය සඳහා එක්ව සිටියා. 

මෙම කණ්ඩායම නේපාලගේ කත්මණ්ඩු නුවර සිට සැලරි ප්රදේශය දක්වා ගොස් මීටර් 3440 ක් උසින් වූ නමචි බසාර් ඔස්සේ මීටර් 4760 උසකින් යුත් ගෝකියෝ වීල් හරහා අප්‍රේල් මස 20 දා මීටර් 5364 ක් යුතු එවරස්ට් බේස් කෑම්ප් තරණය කොට ඉන් නොනැවතී මීටර් 6189 කින් හෙබි අයිලන්ඩ් පීක් සාර්ථකව තරණය කොට නිරුප්රදිතව නැවත මෙරටට පැමිණීම විශේෂත්වයක්.                                                                         

මෙම ගවේෂණ  කණ්ඩායම පිළිගැනීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ  භාණ්ඩාගාරික ආචාර්ය ජගත් ගුණතිලක, මහජන සම්බන්ධතා නිලධාරි මහේෂ් අබේවික්‍රම ඇතුළු කණ්ඩායමක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.