2024 ජනවාරි 08, පෙ.ව. 11:17
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයෙහි මීට මාස කිහිපයකට පෙර අවස්ථා දෙකකදී ගිනිගත් ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙහි යළිත් දුමාරයක් පැතිරෙමින් තිබෙන බව පොලීසිය පවසයි.
හෝමාගම පොලීසිය සඳහන් කළේ, මේ වනවිට පවතින මීදුම් සහිත තත්ත්වයට ක්ලෝරීන් එකතු වීමක් සිදුව ඇති බවයි.
කර්මාන්ත පුරයේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින්ට මේ පිළිබඳ දැනුවත් කර ඇති බවත් සියලුදෙනා මුඛ ආවරණ පැලඳ සේවයේ නිරත වෙන ලෙසත් පොලීසිය දැනුම්දෙයි.
හිරු එළිය නිසි ලෙස පතිත වන්නේ නම් මෙම තත්ත්වය මඟ හැරී යන බවත්, එසේ සිදුවන තෙක් පවතින දුම සහිත ස්වභාවය හේතුවෙන් මුඛ ආවරණ නිසි ලෙස පැලඳ කටයුතු කරන ලෙසත් පොලීසිය ඉල්ලීමක් කරයි.
එමෙන්ම යම් අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින්නේ නම් වහාම රෝහල්ගත වෙන ලෙස ද පොලීසිය දැනුම්දෙයි.
පසුගිය අගෝස්තු මස 17 වන දින රාත්‍රියේ ද මෙම රසායනික කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගෙන තිබිණ.
2026 මාර්තු 06, පෙ.ව. 10:49
2026 මාර්තු 06, පෙ.ව. 10:31
2026 මාර්තු 06, පෙ.ව. 9:53
2026 මාර්තු 06, පෙ.ව. 12:29
2026 මාර්තු 06, පෙ.ව. 12:23
02-03-26
02-03-26
27-02-26
27-02-26
24-02-26
24-02-26
19-02-26
19-02-26
17-02-26
17-02-26
13-02-26
13-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
08-02-26
08-02-26
04-02-26
04-02-26
28-01-26
28-01-26
12-01-26
12-01-26