hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 ජූලි 02, පෙ.ව. 1:02



ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියදුරන් සිය රාජකාරී කාලය තුළ නොමනා ක්‍රියාවන් සිදු කරන බව අනාවරණය වුණා.

ඇසිපිය හෙලන පමාවක් පවා රෝගී ජීවිතයක් අහිමිවීමට හේතුවන බැවින්, අසාද්‍ය රෝගියෙකු පහසුකම් සහිත ආසන්නතම රෝහලක් වෙත කඩිනමින් රැගෙන යෑමේ පූර්ණ වගකීම පැවරෙන්නේ ගිලන්රථ රියදුරාටයි.

ඒ නිසාම ගිලන්රථ රියදුරන් සෑමවිටකම සූදානමින් සිටීම අනිවාර්ය කරුණක්.

එවන් පසුබිමක සුවහසක් රෝගී ජනයා ප්‍රතිකාර ලබන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියදුරන්, බීමතින් තම රාජකාරිය පැහැර හරින බවට එහි සේවකයින්ගෙන්ම තොරතුරක් ලැබුණා.

නිල ඇඳුමින් සැරසී සූදානමින් සිටිය යුතු ගිලන්රථ රියදුරන් තමන්ට රිසි ඇඳුමකින් සැරසී කැරම් ක්‍රීඩා කරමින් සිටින ආකාරය අනාවරණය වුණා.

මෙම රියදුරන් රාත්‍රී කාලයේදී බීමතින් ඉතා කලහකාරී ලෙස රෝහල තුළ හැසිරෙන බවටද තොරතුරු වාර්තා වෙනවා.