hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 24, පෙ.ව. 2:11



රෝගීන්ට ශල්‍යකර්ම සිදුකිරීමට පෙර නිර්වින්දනය කිරීම‌ට භාවිතා කරන නිර්වින්දන වායු ඖෂධ රටපුරා රෝහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසුවා.

නිර්වින්දන වායු ඖෂධ හිඟවීම නිසා නුවරඑළිය රෝහලේ ශල්‍යකර්ම දින දෙකක් තිස්සේ සීමාකර තිබෙන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළා.

නුවරඑළිය රෝහලේ ඉකුත් දින දෙකේදී සිදුකළේ හදිසි ශල්‍යකර්ම පමණක් බවද කොළඹදී ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකඡ්චාවකදී ජයන්ත බණ්ඩාර මහතා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: