2025 මාර්තු 18, පෙ.ව. 12:21
සුගිය දිනක අනුරාධපුර ශික්ෂණ රෝහලේ කටයුතු කරන වෛද්‍යවරියක ඇයගේ කාමරය තුලදී දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා විය.
පොලිස් නිලධාරින් විසින් එම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදු කර, සැකකරු අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී.
අපරාධ වරදක් සිදු වූ විට ඒ පිළිබඳව අදාල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ‘බී’ වාර්තාවක් මගින් කරුණු වාර්තා කිරීම නෛතික අවශ්‍යතාවයක් වන අතර ඒ අනුව ඉහත සිද්ධිය පිළිබඳව ද ගරු අධිකරණය වෙත ‘බී’ වාර්තාව ඉදිරිපත් කර ඇත.
එම ‘බී’ වාර්තාවට වින්දිතයාගේ ප්‍රකාශයේ වැදගත් කරුණු ඇතුළත් කිරීම ද නෛතික අවශ්‍යතාවයක් වේ විශේෂයෙන්ම ඒ පිළිබඳව ගරු මහේස්ත්‍රාත්තුමාගේ අවධානයට ලක්විය යුතු බැවිනි.
අනුරාධපුර සිද්ධියට අදාළ ‘බී’ වාර්තාවේ සඳහන් වින්දිත වෛද්‍යවරියගේ ප්‍රකාශයේ සම්පින්ඩනය ඇතැම් මාධ්‍ය විසින් උපුටා දක්වමින් ප්‍රවෘත්ති පල කරන ලද අතර, එමගින් එම වින්දිත පාර්ශවය විෂයයෙහි අගතියක් / අපහසුතාවයක් එම මාධ්‍ය ආයතන විසින් සිදු කර ඇති බව දැඩිව අවධාරණය කර සිටිමි.
ඇතැම් මාධ්‍ය විසින් මෙලෙස කටයුතු කරන ලද පළමු අවස්ථාව මෙය නොවන අතර, මෙම සිද්ධියේද, සැකකරුගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම ඇතුළු විමර්ශනයට හා ඉදිරි නඩු කටයුතු වලට අගතිදායක ලෙස බලපාන ලෙසට එම මාධ්‍ය ආයතන විසින් කටයුතු කර ඇති බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට සිදුව ඇත.
අපරාධ විමර්ශන හා නඩුකර පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධව තිබෙන නෛතික ප්‍රතිපාදන කිහිපයක් පිළිබඳව පහත පරිදි පෙන්වා දීමට හැකිය.
** 1995 අංක 22 දරණ පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365 ඇ. වගන්තිය
මෙම වගන්තියට අනුව පහත දක්වා ඇති වරදකදී එම වරදට ගොදුරු වූ තැනැත්තාගේ අනන්‍යතාවය හෙලි දරව් වන කරුණක් මුද්‍රණය කිරීම හෝ පල කිරීම තහනම් කර ඇත.
එම වැරදි වන්නේ,
1. ලිංගික අතවර කිරීම
11. කුට්ඨනය කිරීම
111. ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම
IV. ස්ත්‍රී දූෂණය
V. ව්‍යභිචාරය
VI. අස්වාභාවික වැරදි
VII. තැනැත්තන් අතර දැඩි අශිෂ්ඨ ක්‍රියා
*** තවද ඉහත දක්වා ඇති වරදකදී අධිකරණයක පැවැත්වෙන නඩු කටයුත්තකට අදාල යම් කරුණක් අධිකරණයේ අනුමැතිය නොමැතිව මුද්‍රණය කිරීම හෝ පලකිරීම වරදක් ලෙසට උක්ත වගන්තියේම දක්වා ඇත.
** 2023 අංක 10 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 20 වගන්තියට අනුව, වින්දිතයන්ගේ, සාක්ෂිකරුවන්ගේ හෝ ඔත්තුකරුවන්ගේ අනන්‍යතාවයට අදාල තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම තහනම් කරමින් ප්‍රතිපාදන දක්වා ඇත.
** තවද, අපරාධ විමර්ශන පිළිබඳව සහ වින්දිතයන් පිළිබඳව නීතියේ සීමාවන් ඉක්මවා ප්‍රචාරයන් ලබා දීම තුලින් වින්දිත පාර්ශවයට අගතිදායී තත්ත්වයක් මතු වුවහොත් ඒ හරහා අදාල මාධ්‍ය ආයතනයට එරෙහිව දිලික්ත නීතිය යටතේ ද, සිවිල් නඩු නිමිත්තක් උපචය විය හැකි බවද පෙන්වා දෙමි.
ඇතැම් මාධ්‍ය විසින් අපරාධ විමර්ශන පිළිබඳ තොරතුරු කිසිදු සැලකිල්ලකින් තොරව ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් පහත දක්වා ඇති අගතිදායක තත්වයන් ඇති වන බව නිරීක්ෂණයට ලක්ව ඇත.
1. වින්දිතයන්ගේ අනන්‍යතාවයන්ට අදාල කරුණු ප්‍රසිද්ධ කිරීම තුලින් එම වින්දිතයන් අපහසුතාවයට හා තර්ජනයට ලක් වීම.
11. සැකකරුවන්ගේ ඡයාරූප ආදිය, පොලිසිය දැනුම් දීමකින් තොරව ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් හදුනා ගැනීමේ පෙරට්ටු පැවැත්වීමට බාධා ඇති වීම.
III. විමර්ශන වල තොරතුරු අතිශෝක්තියෙන් හුවා දැක්වීම තුළින් විමර්ශන ක්‍රියාවලියට බාධා සිදුවීම.
IV. විමර්ශන සිදුකිරීමේදී දායක කර ගනු ලබන ඇතැම් තාක්ෂණික කරුණු ප්‍රචාරය කිරීම මගින් අනාගතයේ අපරාධ සිදු කිරීමට වක්‍රාකාරව දායකත්වය සැපයීම.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය
2025 මාර්තු 18, ප.ව. 8:45
2025 මාර්තු 18, ප.ව. 4:55
2025 මාර්තු 18, ප.ව. 4:28
2025 මාර්තු 18, ප.ව. 2:42
2025 මාර්තු 18, ප.ව. 2:12
18-03-25
18-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25
01-03-25
01-03-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
06-02-25
06-02-25
02-02-25
02-02-25
30-01-25
30-01-25
05-01-25
05-01-25
02-01-25
02-01-25
02-10-24
02-10-24