2024 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:08
චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට නියමිතයි.
මේ සඳහා රුපියල් බිලියන 22 ක මූල්‍ය ආධාර ලබා දෙන අතර පළමු අදියර යටතේ ව්‍යාපෘතිය මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේදී නිවාස 575ක් ද කොට්ටාව ප්‍රදේශයේ කලා කරුවන් වෙනුවෙන් නිවාස ඒකක 108ක්ද ඉදි කිරීමට යෝජිතයි.
එහි දෙවන අදියර ලෙස දෙමටගොඩ ව්‍යාපෘතිය නිවාස 586ක් සහ මහරගම ව්‍යාපෘතියෙන් නිවාස 112ක් ඉදි කෙරෙනවා.
මෙහි තෙවන අදියරේ දී පෑලියගොඩ ප්‍රදේශයේ නිවාස 615ක් ඉදි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව තෝරාගත් ස්ථාන 5ක ආරම්භ වන මෙම නිවාස ව්‍යාපෘතිය මාස 36කින් සාදා නිම කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සමීප සහ කල්පවත්නා සබඳතා පිළිබිඹු කරමින් අඩු ආදායම්ලාබී පවුල්වල ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
2026 පෙබරවාරි 03, ප.ව. 8:20
2026 පෙබරවාරි 03, ප.ව. 8:09
2026 පෙබරවාරි 03, ප.ව. 4:17
2026 පෙබරවාරි 03, ප.ව. 4:07
2026 පෙබරවාරි 03, ප.ව. 3:59
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26