2023 මැයි 18, පෙ.ව. 11:34
ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක් පවත්වාගෙන ගිය මහර බන්ධනාගාර ජේලර්වරයෙකු ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ පොලිසිය සඳහන් කළේ, පෙරේදා (16) සහ ඊයේ (17) දිනයන්හිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ “මහ මොළකරු” ලෙස සැලකෙන බන්ධනාගාර ජේලර්වරයා ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු කළ ඉල්ලීමක් මත අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ මිලිග්‍රෑම් 800ක් එම ජාවාරම්කරුට ලබා දීම සඳහා ගම්පහ, කිරිඳිවිට ප්‍රදේශයේ රැඳී සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පොලිසිය පළමුව මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන කළමනාකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 200ක් සමග ගම්පහ, උග්ගල්බඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුගෙන් හෙරොයින් කුඩා පැකට් ලබා ගත් තව ත් සැකකරුවන් 8 දෙනෙකු ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
අනතුරුව හෝටල් කළමනාකරු අයිස් මත්ද්‍රව්‍ය ලබා ගන්නා රාගම, පේරලන්ද ප්‍රදේශයේ පදිංචි හසන් නමැති සැකකරුවෙකු උග්ගල්බඩ ප්‍රදේශයට ගෙන්වා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, උග්ගල්බඩ ප්‍රදේශයට පැමිණි හසන් නමැති සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 500ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පසුව රාගම ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු කළ ඇනවුමක් අනුව අයිස් මත්ද්‍රව්‍ය ලබා දීමට සැකකාර ජේලර්වරයා කිරිඳිවිට ප්‍රදේශයට පැමිණ සිටියදී මෙසේ අඩංගුවට පත්ව තිබෙනවා.
සැකකාර ජේලර්වරයා මහර බන්ධනාගාරයේ කර්මාන්ත අංශයේ සේවය කරන බව ත් ඔහු ද අයිස් මත්ද්‍රව්‍යයට බෙහෙවින් ම ඇබ්බැහි වූ අයෙකු බව ත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
සැකකාර ජේලර්වරයා කඩවත, මහර නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අවිවාහකයෙකු බව ත් පොලිසිය සඳහන් කළා.
ඔහු ඇතුළු සැකකරුවන් 11 දෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ අධීක්ෂණය මත පොලිස් අධිකාරී තුසිත කුමාර, ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මාලිංග කුමාර සහ බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන් එම වැටලීම සිදු කර තිබෙනවා.
සැකකාර ජේලර්වරයා සහ තව ත් සැකකරුවන් දෙදෙනෙකු රඳවා තබා ගෙන වැඩිදුර විමර්ශනය කිරීම සඳහා අධිකරණ නියෝග ලබා ගන්නා බව පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළා.
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:10
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:06