hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මාර්තු 03, පෙ.ව. 12:10



අස්ථානගත වූ මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර ආදිය හිමිකරුවන් සොයා ගැනීමේ අරමුණින් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමට ඇතැමුන් පෙලඹීම හේතුවෙන් එම මුදල් පසුම්බිය අස්ථානගත වීමට වඩා හානියක් ඉන් විය හැකි බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අවධාරණය කර සිටිනවා.

අස්ථානගත වූ මුදල් පසුම්බි හිමිකරුවන්ටදීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් එම මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත් අංක, විදෙස් ගමන් බලපත්‍ර, කාර්යාලීය හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ආදියෙහි ඡායාරූප ගෙන ඒවා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයෙහි ප්‍රදර්ශනය කිරීමට හුරුවී තිබේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි චන්දිමා අරුමප්පෙරුම පෙන්වා දෙන්නේ, පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරන එවැනි ලේඛන සමාජ මාධ්‍යයෙහි ප්‍රදර්ශනය කිරීමෙන් අපරාධකරුවන්ට විවිධ අපරාධයන් සඳහා එම තොරතුරු යොදාගැනීමේ හැකියාවක් ඇති බවයි.

එම තොරතුරු යොදාගෙන ව්‍යාජ ලේඛන සකස් කර දුරකතන සමාගම්වලින් සිම්පත් පවා මිලදී ගැනීමේ හැකියාවක් ඇති බවද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියැදුරු බලපත්‍ර ආදිය සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටින ලෙස පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: