hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2023 මාර්තු 21, ප.ව. 12:15



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ ලැබෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එමෙන්ම ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකරන අතර පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා, ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩඒමට නම් ප්‍රබල බලපෑමක් කළ හැකි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පවසනවා.

නිවැරදි සහ ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධනීකරණය වූ බැංකු පද්ධතියක් පවත්වාගැනීම ඉතා වැදගත් වන අතර මූල්‍ය අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීමට අවධානය යොමුකළ යුතු බවයි ඇය කියා සිටියේ.

තවද  ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට අනුමත කළ ණය පහසුකම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නිවැරදි දිශානතියකට ගෙන යාම සඳහා වැදගත් පියවරක් බවයි.