hit counter

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 19, ප.ව. 2:50



චීන-ඉන්දීය දේශසීමා ගැටළුව පිළිබඳ විශේෂ නියෝජිතයින්ගේ 23 වැනි රැස්වීම ඊයේ (19) චීනයේ බෙයිජිං හිදී පැවැත්විණ.

මේ අවස්ථාවට ඉන්දියාවේ ජාතික ආරක්ෂක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා ඇතුළු දෙරටේ විශේෂ නියෝජිත පිරිසක් එක් විය.

වසර පහකට පසුව දෙපාර්ශවය අතර පැවති පළමු හමුව මෙයයි.

චීනය සහ ඉන්දියාව චීන-ඉන්දියානු දේශසීමා ගැටළුව සම්බන්ධයෙන් කරුණු 6 ක එකඟතාවයකට එහිදී එළඹ තිබේ.

පළමුවැන්න දේශසීමා අර්බුද සම්බන්ධයෙන් දෙරට විසින් එළැඹි විසඳුම් පිළිබඳව දෙපාර්ශවයම ධනාත්මකව අදහස් දැක්වීමය.

දෙවැන්න 2005 වසරේ දෙරටේ විශේෂ නියෝජිතයන් විසින් දේශසීමා ගැටළුව විසඳීම සඳහා එළඹ ඇති දේශපාලන මාර්ගෝපදේශක මූලධර්මවලට අනුව දේශසීමා ගැටලුව සඳහා සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුම් පැකේජයක් අඛණ්ඩව සොයා ගැනීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වය විසින් යළිත් තහවුරු කර තිබීමයි.

තෙවැන්න දෙපාර්ශ්වය දේශසීමා තත්ත්වය තක්සේරු කර දේශසීමාවේ තිරසර සාමය සහ සන්සුන් භාවය ළඟා කර ගැනීම සඳහා දේශසීමා ප්‍රදේශයේ පාලන නීති තවදුරටත් සැකසීමට එකඟ වීමයි.

සිව්වැන්න දේශසීමා හුවමාරුව සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම, චීනයේ ටිබෙට් ස්වායත්තයට ඉන්දීය වන්දනාකරුවන්ගේ වන්දනා ගමන් නැවත ආරම්භ කිරීම, දේශසීමා ගංගා සහයෝගිතාව සහ Nathu La හි දේශසීමා වෙළඳාම යනාදිය ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශවය එකඟ වීමය.

පස්වන කරුණ ලෙසට, විශේෂ නියෝජිත රැස්වීම් යාන්ත්‍රණය ගොඩනැගීම තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති අතර, ඒ ය‍ටතේ මෙවර විශේෂ නියෝජිත රැස්වීමෙන් පසු  අදාළ කාර්යයන් මනාව ක්‍රියාත්මක කරන මෙන් චීන-ඉන්දියානු දේශසීමා කටයුතු පිළිබඳ උපදේශන සහ සම්බන්ධීකරණ ක්‍රියාකාරී යාන්ත්‍රණ කමිටුව ඉල්ලා තිබේ.

හයවැනි කරුණ ලෙස ලබන වසරේ නව වටයේ විශේෂ නියෝජිත රැස්වීම ඉන්දියාවේදී පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වූ අතර ඒ සඳහා නිශ්චිත කාල රාමුව රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ තීරණය කිරීමට එකඟතාවකට පැමිණීම ද සිදු විය.

චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක Stephane Dujarric මහතා කියා සිටියේ චීන සහ ඉන්දීය ඉහළ පෙළේ නායකයින් විසින් ඇති කර ගත් කරුණු 6ක එකඟතාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසාදය පළ කරන  බවයි.