2023 සැප්‍තැම්‍බර් 15, ප.ව. 8:49
පහර දීමකින් ජීවිතක්ෂයට පත් වූ, හඟුරන්කෙත පල්ලේබෝවල, බඹරගම ගම්මානයේ පදිංචි ව සිටි 22 හැවිරිදි ඉඳුනිල් චාමර කාරියපෙරුමගේ මෘත දේහය අද (15) ඥාතීන් වෙත භාර දී තිබෙනවා.
පසුගිය අප්‍රේල් 19 වැනිදා මොට ආයුධයකින් පහර දී හිසට ඇති වූ තුවාල සහ දරුණු කම්පන තත්ත්වය තරුණයාගේ මරණයට හේතුවී ඇති බවයි, පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහන් වන්නේ.
පසුගිය 12 වැනිදා ,පහර දීමෙන් බරපතළ ලෙස තුවාල ලබා මාස පහක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඉඳුනිල්, සිය ජීවිතයෙන් සමුගත්තේය. දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙළුණු ඉඳුනිල්ගේ නිවසට දේහය රැගෙන ඒම පවා ගැටලුවක් වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුගේ දේහය තැම්පත් කර ඇත්තේ, තරුණයාගේ ඥාති නිවසකයි.
කෙසේ වෙතත් තම දරුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු නොවූ බවට ඉඳුනිල්ගේ ඥාතීහු චෝදනා කරයි.
මාරාන්තික පහරදීම්වලින් මාස පහක් තිස්සේ සිහිසුන් ව සිට මියගිය ඉඳුනිල් අද අවසන් ගමන් යන්නේ, යුක්තිය ඉටු නොවූ පසුබිමක වීම කනගාටුදායක තත්ත්වයක්.
2025 මැයි 14, ප.ව. 3:32
2025 මැයි 14, පෙ.ව. 10:55
2025 මැයි 14, පෙ.ව. 10:50
2025 මැයි 14, පෙ.ව. 10:45
2025 මැයි 14, පෙ.ව. 10:31