2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:10
කරදිය සහ මිරිදිය යන ක්ෂේත්‍ර දෙකෙහිම කිමිදුම් කටයුතුවල නිරත වන ධීවර ප්‍රජාව ඉලක්ක කරගත් නව හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම රක්ෂණාවරණයෙන් ධීවර රැකියාවේ නිරතව සිටියදී අයහපත් කාලගුණය වැනි හේතු නිසා හෝ වෙනත් ඕනෑම හදිසි අනතුරකින් සිදුවන ජීවිත හානි සහ ශාරීරික අකර්මණ්‍යතාවන් ආවරණය කරන බව සඳහන්.
එසේම ධීවර කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවකදී සිදුවන අහඹු අනතුරකින් පවා මෙහිදී වන්දි හිමිවීම විශේෂත්වයක්.
ඒ අනුව රුපියල් 2,000ක වාර්ෂික වාරිකයක් ගෙවීමෙන් මෙම රක්ෂණයට ඇතුළත් විය හැක. රක්ෂණයෙන් හදිසි අනතුරු මරණයකදී රුපියල් ලක්ෂ 12ක (1,200,000) වන්දියක් හිමි වන බව වාර්තා වේ.
එමෙන්ම පූර්ණ හෝ තාවකාලික අකර්මණ්‍යතා, එක් ඇසක් හෝ එක් ගාත්‍රයක් අහිමිවීම සහ කථනය සම්පූර්ණයෙන් අහිමිවීම වැනි අවස්ථාවලදී ද ඉක්මන් වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් සකසා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ධීවර රැකියාවේ නියුතු අයට මහත් පිටිවහලක් වනු ඇති බවට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි.
මේ වන විට විවිධ කෘෂිකාර්මික ක්ෂේත්‍ර වෙනුවෙන් රක්ෂණ ක්‍රම රැසක් හඳුන්වා දී ඇති එම මණ්ඩලය, ධීවර ජනතාව සඳහා හඳුන්වා දුන් නවතම සහ සුවිශේෂී වැඩසටහන මෙය වේ.
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:26
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:22
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:06
06-08-25
06-08-25
06-08-25
06-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25