2025 ඔක්‍තෝබර් 14, ප.ව. 2:22
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ එරටදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ අද (14) දහවල් කාලයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
මේ අතර, රටින් පලා ගොස් සිටින අපරාධකරුවන් 40 දෙනෙකුට මේ වනවිට රතු නිවේදන නිකුත් කර ඇති බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අතරින් මේ වනවිට අපරාධකරුවන් 18 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට මෙම වසර තුළ කටයුතු කර ඇතැයි ද පැවසීය.
පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඉෂාරා සෙව්වන්දිව නේපාලයේ දී අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.
ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, මෙහිදී තවත් කාන්තාවක් හා කෙහෙල්බද්දර පද්මේගේ සමීපතයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එම පිරිස අතර ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් ද්‍රවිඩ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
බොහෝදුරට එම අපරාධකරුවන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට රැගෙන ඒමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඉෂාරා සෙව්වන්දිට ශ්‍රී ලංකා පොලීසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඉකුත් පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබූ අතර, කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වය විසින් අදාළ ඝාතනය සිදුකර තිබුණි.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 4:50
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:48
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:40
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:23
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 10:45
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25