2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:02
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලැබූ ඉෂාරා සෙව්වන්දි විසින් පරිහරණය කළ දුරකථන දත්ත අනුව ඇය සමග හිතවත්කම් පැවැත්වූ දේශීය, විදේශීය විවිධ තරාතිරමේ පුද්ගලයන් විශාල පිරිසක් පිළිබඳව මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව වාර්තා වෙයි.
දුරකථන විෂ්ලේශණ වාර්තා අනුව මෙම පුද්ගලයන් පිළිබඳ වැඩි තොරතුරු අනාවරණය කර ගැනීමට ක්‍රියා කරන බව පොලිසිය පවසයි.
මේ අතර කෙහෙල්බද්දර පද්මේගෙන් ඉෂාරා සෙව්වන්දි පිළිබඳ සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය නොමඟ යැවීම සඳහා ඔහු බොරු ප්‍රකාශයන් සිදුකරමින් සිටිනා බවත් වාර්තා වෙයි.
විමර්ශණ අංශ පවසන්නේ ඉෂාරා සෙව්වන්දි සතු තොරතුරු නිරාවරණය වීම වැලැක්වීමට කෙහෙල්බද්දර පද්මේ විසින් මෙම ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට විශ්වාස කරනා බවයි.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ බාල සහෝදරයා ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා පසුගියදා නියෝග කර තිබේ.
මාස අටකට ආසන්න කාලයක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි චමිඳු තිවංක වීරසිංහ නමැති එම සැකකරු රුපියල් ලක්‍ෂ දෙකක මුදල් හා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට මහාධිකරණ විනිසුරුවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට නියෝග කළේය.
සිය සේවාදායකයා එකී අපරාධයට කිසිදු ආකාරයකින් සම්බන්ධ වූ බවට මෙතෙක් සිදුකළ විමර්ශන අනුව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවත් අත්අඩංගුවට ගැනීමට පාදක වූ එකම කරුණ වන්නේ ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ සහෝදරයකුවීම පමණක් වන බවත් යැයි එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සිදන්ත ජයවර්ධන මහතා කළ කරුණු දැක්වීම් පිළිගත් මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා එම ඇප නියෝගය නිකුත් කළේය.
ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම නිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම තරුණයා මෙන්ම ඔහුගේ මවද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කළ බවත් ඔහුගේ මව ද බන්ධනාගාරගතව සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් මත මියගිය බවත් එහිදී නීතිඥවරයා අධිකරණයට පැවසීය.
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:06
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
18-10-25
18-10-25