2025 මාර්තු 09, පෙ.ව. 12:28
පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහමොළකාරිය ලෙස සැළකෙන ඉෂාරා සෙව්වන්දි නමැති තරුණිය මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් ඉන්දියාවට පළායන්නට ඇති බවට විමර්ශන නිලධාරීන් සැකකරන බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, මේ වනවිට මෙම සැකකාරිය සැඟවී සිටින බවට ලැබුණු ස්ථාන 200කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කළද ඇය පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගන්නට අපොහොසත් වූ බව ද විමර්ශන නිලධාරීහු කියාසිටිති.
ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය ජංගම දුරකථන පරිහරණය නතර කර ඇති නිසා ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි බව පොලිසිය පවසයි.
ගණේමුල්ලේ සංජිව ඝාතනයෙන් දින දෙකක් ගත වූ පසු ඉෂාරා සෙව්වන්දි කළුතර ප්‍රදේශයට ගොස් රන් ආභරණ අලෙවිසැලකින් රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා ආභරණ රැගෙන ගොස් තිබූ බවට ලැබුණු තොරතුරෙන් පසු ඇය පිළිබඳව කිසිදු වැදගත් තොරතුරක් ලැබී නැත.
සැකකාරිය දකුණු පළාතේ මුහුදු තීරය ඔස්සේ බෝට්ටුවකින් රටින් පළායන්නට ඇති බවට විශාල සැකයක් මේ වනවිට මතු වී තිබෙන බවද පොලිසිය කියාසිටියි.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06
03-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25
02-08-25
02-08-25
02-08-25
02-08-25
02-08-25
02-08-25
02-08-25
02-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25