hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 මැයි 18, ප.ව. 8:50



අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් 14 වන යුද සැමරුම අද (18) මුලිතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි යුදසැමරුම් ස්මාර්ක භූමියේදී සාමාන්‍ය වැසියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්වුණා.

මීට වසර 14 කට පෙර පැවති අවසන් යුද්දයේදී මිය ගිය මහවිරු පවුල් හා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ සැමරුම් ස්මාර්කය අසලදී මේසේ සැමරුම් උත්සවය පැවත්වුණා.

මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාර්කයේ ප්‍රධාන ගිනිසිලුව අවසන් යුද්දයේදී මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පදිංචිව සිටියදී මිය ගිය අයෙකුගේ ඥාතීන් හා ආගමික නායකයින් අතින් දැල්වූ අතර පසුව රැස්ව සිටි විශාල ජනතාවක් ගිනිසිලුව වෙතට පුෂ්පෝපහාර දක්වා පහන් දැල්වා ශෝකය පළ කොට සිටියා.

මෙහිදී උත්සව අව්ථාවට සහභාගී වූ සියලුම දෙනා අවසන් යුද්දයේදී මිය ගිය අය වෙනුවෙන් විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් පවත්වා මල් පූජා කොට භූමියට රැස්ව සිටි සියලු දෙනා පහන් දල්වා මිය ගිය අයට සෙත් ශාන්ති පැමිණවීම සිදු කරන ලදි.

මෙම යුදසැමරුම් අවස්ථාවට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක ජනතා නියෝතියන් රැසක්ද සහභාගී වී සිටියා.