hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 මැයි 30, ප.ව. 5:06



යාපනය බන්ධනාගාරයේ සිරගතව සිටින සිරකරුවෙකු ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරයේ වහලය උඩට නැග විරෝධතාවක නිරත වෙමින් සිටින අතරතුරදී ඇති විජලන තත්වයක් හේතුවෙන් එම සිරකරු ඊයේ (29) දින රෝහලගත කල බවට බන්ධනාගාර නිලධාරීන් පැවසූවා.

අදාල සිරකරු මාතර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු වන අතර ඔහු පසුගිය 27 වනදා සිට අහාර වර්ජනය කරමින් තමන් යාපනය බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට මාරුකර යනව මෙන් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිට තිබෙනවා.

අනතුරුව 28 වනදා අදාල සිරකරු විසින් බන්ධනාගාරයේ වහලට නැග තමන් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙසටත් එතෙක් වහලයෙන් නොබසින බවටත් පවසමින් ආහාරද වර්ජනය කරමින් විරෝධතාවයේ නිරතව තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ දින යාපනය බලපෑ අධික පෑවිල්ලත් සමග බලපෑ අධික අව් රශ්මිය සිරකරුට ඉවසාගත නොහැකි වීමෙන් විජලන තත්වයට පත්ව තිබෙනවා.

පසුව බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන් ඉතා අසීරුවෙන් වහලයෙන් බස්සවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාල සිරකරු විජලන තත්වයෙන් සිටීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට පියවර ගනු ලැබුවා.

Example Image