hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 01, පෙ.ව. 9:00



මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විදෙස් සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසු ඊයේ (28) නැවත සිය කාර්යාලය වෙත පැමිණ තිබුණා.

ඔහු සිය කාර්යාලය වෙත පැමිණියත් මුද්‍රා තබන ලද කාර්යාලයේ මුද්‍රා ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර නොතිබුණා.

සභාපතිවරයාගේ නිල කාර්යාලයට පසුගිය 16 වනදා කොල්ලුපිටිය පොලීසිය අධිකරණ නියෝගයක් මත මුද්‍රා තැබුවේ කඩාකප්පල්කාරී පිරිසක් එම කාර්යාලයට ඇතුළුවී එහි රාජ්‍ය වටිනාකමක් ඇති ලිපි ගොනු අස්ථානගත කිරීමේ හෝ විනාශ කිරීමේ උත්සාහයක් ඇති බවට කෙරුණු පැමිණිල්ලක් මතයි.

කෙසේවෙතත් අද ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා සඳහන් කළේ, “දොර අරින්න අවශ්‍ය කරන නිලධාරීන් නැහැ කියන එක තමයි කොල්ලුපිටියේ ස්ථානාධිපතිවරයා කියන්නේ,” යනුවෙනුයි.