hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 30, පෙ.ව. 8:22



මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් මැතිසභා න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

අනතුරුව මුදල් අමාත්‍යාංශය සභාපතිවරයා සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක් පදනම් කරගෙන සභා නායකවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සරල බහුතරයකින් අනුමත වූ විට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා තනතුරින් ඉවත් කළ හැකි බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ සතියේ මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව සහ ප්‍රති ත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ගැන විවාදය මේ සතියේ පැවැත්වුණු නිසා ඒ ගැන පූර්ණ සමාජ අවධානය යොමු කළ යුතුව තිබූ බැවින් සෙසු පනත් ඉදිරිපත් කිරීම පමා කිරීමට තීරණය කළ බව එම ආරංචි මාර්ග සඳහන් කළා.