hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු 10, ප.ව. 4:28



මැදපෙරදිග යුධ ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීමට හැකි පමණින් ඉන්ධන පිරිමහාගැනීමකින් යුක්තව පරිභෝජනය කරන මෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව අද (10) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තමන්ට හැකි පමණික් ඉන්ධන පරිභෝජනය අවම කිරීමට කටයුතු කරන ලෙසයි.

ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් රාජකරුණා මහතා ප්‍රකාහ කළේ ඉකුත් දින කිහිපයේ තෙල් හිඟයක් පවතින බවට බියෙන් ජනතාව විසින් ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගැනීම, මෙම මිල ඉහළ යාමට බෙහෙවින් බලපෑ බවයි.

එසේ නොවුණානම් මේ මාසයේ අගවන තුරු පැවති මිල ගණන් යටතේ ඉන්ධන මිල දී ගැනීමට හැකියාවක් තිබූ බවද ඔහු අවධාරණය කළා.

කෙසේ වුවද පවතින ඉන්ධන අර්බුදය ලෝකයටම බලපෑම් එල්ල කරන බැවින් ඒ වෙනුවෙන් සාමූහිකව කටයුතු නොකළහොත් දැඩි අවධානමකට මුහුණ දීමට සිදුවන බැවින් පරිභෝජනය සීමා කරන මෙන් ඔහු නැවතත් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: