hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 මැයි 23, ප.ව. 9:34



ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා රත්නායක මහතාට අවසර නොදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර තිබෙනවා.

ඒ බව ජනක රත්නායක මහතාට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසුවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් ඒ තීරණය ගත් බවද ඔහු සඳහන් කළා.

තමාට එරෙහිව පැවැත්වෙන විවාදය දැක බලා ගැනීම සඳහා තමාටත් තමාගේ පුතුන් දෙදෙනාටත් අවසර ලබාදෙන ලෙස  ජනක රත්නායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළා.

විවාදය පාර්ලිමේන්තුවට පැමිණ දැක බලා ගැනීම සඳහා අවසර නොලැබීම නිසා යූ ටියුබ් හරහා විවාදය නරඹන බව ජනක රත්නායක මහතා පැවසුවා.

ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳව විවාදය හෙට (24) දවස පුරා පැවැත්වෙනවා.

යෝජනාව  පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.