2023 ජනවාරි 05, පෙ.ව. 10:02
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මිය යෑමේ සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ කැඳවා තිබෙනවා.
එය ප්‍රථමයෙන් විවෘත අධිකරණයේ කැදවූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මරණකරුගේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමකට අනුව සාක්ෂි සටහන් කර ගැනීම තම නිළ මැදිරියේ සිදු කරන බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරියගේ නිළමැදිරියේදී සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා.
එය ආවරණය කිරීම සඳහා මාධ්‍යටද අවසර ලබා දී තිබුණේ නැහැ.
ප්‍රථමයෙන් මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිදගෙන් සහ ඔවුන්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වූ ක්‍රිෂ් පෙරේරාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ බවයි වාර්තා වුණේ.
වැඩි දුර සාක්ෂි විභාගය ලබන 10 වනදා දක්වා කල් තැබුණා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06