hit counter

2025 නොවැම්‍බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 27, ප.ව. 8:25



මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ආචාර්ය ජයන්ත ධනපාල අද (27) අභාවප්‍රාප්ත වුණා.

අද උදෑසන 10 ට පමණ ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන්.

එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ආචාර්ය ජයන්ත ධනපාල මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අභාවප්‍රාප්ත වන විට ඔහු 85 වන වියේ පසුවුණා.

මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය ජයන්ත ධනපාල ඇමෙරිකාවේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට හිටපු තානාපති ලෙස ද කටයුතු කළා.

එමෙන්ම, නිරායුධකරණය පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහලේකම්වරයෙකු ලෙස ද කටයුතු කළ ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු ලෙස ද පත්වුණේ ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් තුන්දෙනාගෙන් එක් අයෙකු ලෙසයි.