2023 ජූනි 27, ප.ව. 1:49
කොත්මලේ බ්ලුම් ෆිල්ඩ් පෞද්ගලික වතුයායේ වතු කම්කරුවන් පිරිසක් දින තුනක් තිස්සේ එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක් සිදු කිරිම හේතුවෙන් ගම්පොල නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට බාධා පැමිණ ඇති බව කොත්මලේ පොලිසිය පැවසුවා.
එම වතුයායේ වතු පාලන අධිකාරිය සහ වතු කම්කරුවන් අතර පැවති ගැටළුවක් සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය මගින් විසදුම් ලබා දි තිබියදිත් එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් ගම්පොල නුවරඑලිය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි බ්ලුම් ෆිල්ඩ් තේ කර්මාන්ත ශාලාවට වතු කාර්යාලයට සහ තේ කර්මාන්ත ශාලාව අසල පිහිටි එලිමහන් තේ වෙලදසැලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ඇතුල්විමට ඉඩ ලබා නොදිම නිසා ආර්ථික වශයෙන් ගැටළු රැසක් මතු වි ඇති බවයි වතු පාලන අධිකාරිය කියා සිටියේ.
දිනපතා එම මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන් තේ කර්මාන්ත ශාලාව නරඹා එලිමහන් තේ වෙලදසැලෙන් තේ පානය කර නිමි තේ කොල මිලදී ගන්නා බවයි වතු පාලන අධිකාරිය කියා සිටින්නේ.
එම තේ කර්මාන්ත ශාලාවට පිවිසෙන මාර්ගයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබියදිත්, එම වතු යායට පිවිසිමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට වතු කම්කරුවන් දිගින් දිගටම බාධා සිදු කරන බවයි වතු පාලන අධිකාරිය කියා සිටියේ.
පවතින ගැටළුව සම්බන්ධයෙන් කොත්මලේ පොලිසියේ නිලධාරින් සහ නුවරඑලිය සහකාර පොලිස් අධිකාරි 1 සමන්ත ජයසුන්දර මහතා වතු කම්කරුවන් සමග සාකච්ඡා කල අවස්තාවේ විරෝධතාවයේ නියැලි සිටින වතු කම්කරුවන් කියා සිටියේ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ උපදෙස් පරිදි තමන් මෙම විරෝධතාවය ආරම්භ කල බවත් තොණ්ඩමන් මහතා එම ස්ථානයට පැමිණ විරෝධතාවය දැක්විම නතර කරන ලෙසට ඉල්ලිමක් කලහොත් විරෝධතාවය නතර කිරිමට පියවර ගන්නා බව වතු කම්කරුවන් පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
හැටන් – රංජිත් රාජපක්ෂ
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:05