hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:08



ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ඊශ්‍රායල රජය මගින් මෙරටට ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා වඩු කාර්මික ක්ෂේත්‍රවල රැකියා පුරප්පාඩු මෙරටට ලැබී ඇති බවයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.

අවුරුදු 25 – 44 ත් අතර, වයස් කාණ්ඩවල පළපුරුද්දක් හා දක්ෂතාවයක් සහිත පිරිස් ඒ සදහා අයදුම් කිරීමට අවස්ථාව සැලසේ.

එම කාර්යංශය සදහන් කළේ, ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් අයදුම්පත පමණක් පිරවිය යුතු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: