hit counter

2025 මාර්තු මස 17 වන සඳුදා

2025 මාර්තු 17, පෙ.ව. 12:03



විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසන පරිදි, ඉදිරියේදී තවත් රටවල් කිහිපයක විදේශ පුරවැසියන්ට මෙරටට ඇතුළු වීම සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදීමට නියමිතය.

පාර්ලිමේන්තු විවාදයකට එක් වෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඒ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට රටවල් 39කට නොමිලේ වීසා පහසුකම් ලබාදී ඇති අතර, ඉදිරියේදී තවත් රටවල් කිහිපයකට මෙම පහසුකම පුළුල් කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව, තවත් රටවල් කිහිපයකට මෙම පහසුකම හිමිවීමත් සමඟ නොමිලේ වීසා ලබාදෙන රටවල් ගණන 40 ඉක්මවන බව අමාත්‍යවරයා එහිදී තවදුරටත් අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් විජිත හේරත් මහතා පැවසුවේ, නොමිලේ වීසා පහසුකම හරහා ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව උදා වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්:


ලංකා බැංකුවෙන් හඳුන්වාදෙන වාර්ශික පොලිය 7% සුවිශේෂි ණය යෝජනා ක්‍රමය ගැන දැන ගන්න. අදම ලියාපදිංචි වෙන්න.

Close