2025 අගෝස්‍තු 07, පෙ.ව. 11:16
පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) සභාපති ධූරයෙන් ඊයේ (6) ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පඩු වූ එම තනතුරට සමගි ජන බලවේගයේ කබීර් හෂිම් පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
ආණ්ඩුව කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදීමට එකඟතාව පළ කර ඇති හෙයින් ඒ සඳහා ඉඩකඩ සලසා දීමට තමා මෙම තීරණය ගත් බව අරවින්ද සෙනරත් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු අතර පවතින්න රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෙවත් (කෝපා) කමිටුව රජයේ ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන පැවැත්වීම සහ ඊට අදාල නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම දරයි.
පසුගිය ජනවාරි මස 24 වැනිදා අරවින්ද සෙනරත් මහතා කෝපා කමිටුවේ සභාපති ධුරයට පත්වූ අතර ඒ අනුව මේ දක්වා ඔහු මාස හතකට ආසන්න කාලයක් එම ධූරයේ සභාපතිත්වය දැරීය.
2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:05