hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 මැයි 10, ප.ව. 6:16



16 හැවිරිදි පාසල් සිසුවියක් කළුතර ලැගුම් හලකින් පහළට වැටී මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය අරගල සමයේ කළුතර දිස්ත්‍රික්කයේ අරගල ප්‍රධානියකු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරනවා.

මෙම පුද්ගලයා 2020 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී රත්තරන්ට ඡන්දය දෙන්නැයි ප්‍රචාරක කටයුතු කළ අයෙක් බව ප්‍රදේශවාසීන් සඳහන් කරන බවත් හෙතෙම කියා සිටියා.

මේ බව සඳහන් කරමින් ඔහු විසින් තම සමාජ ජාල ගිණුමේ මෙසේ සදහන් කර තිබෙනවා.