hit counter

2025 ජූලි මස 08 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 17, ප.ව. 4:35



ප්‍රමිතියෙන් තොර,වාර්තාවලින් ප්‍රතිෂේප කළ කිසිදු ඉන්ධන තොගයක් මේ රටට ගොඩබෑමට අවසර ලබා දී නැතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා.

විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව කී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (17) පාර්ලිමේන්තුවේදීයි.

වැඩිදුරටත් අමාත්‍යවරයා පවසන්නේ ”ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විසින් පරීක්ෂණ පවත්වා, යම් යම් නිර්දේශ ලබාදී තිබෙනවා,ඉන්ධන ගොඩබෑම සම්බන්ධව. ඒ ක්‍රමවේද අනුගමනය කරමින් කොලොන්නාවට හා ත්‍රිකුණාමලයට ඉන්ධන ගොඩබාන්න නැව් සමාගම් කටයුතු කර තිබෙනවා. අප වගකීමක් ගන්නවා,අමාත්‍යාංශය හා ආයතනයක් ලෙස ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂණ කරලා විතරයි, මේ කටයුතු කරන්නේ කියලා. මේ සම්බන්ධව මාධ්‍යවල පල වී තිබුණා. බාල ඉන්ධන ගොඩබාලා,බෙදා හැර තියෙනවා කියලා.එය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන” බව යනුවෙනුයි.