hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 මාර්තු 13, පෙ.ව. 11:51



අප්‍රේල් මාසයේදී සිදුවන ඉන්ධන මිල සංශෝධනයේ දී ජනතාවට සහනයක් දීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති රැස්වීමකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ පවත්වා තිබුණා.

එහිදී විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල, සාමුහික ගිවිසුම්, විදුලි ගාස්තු ක්‍රමවේදය සහ රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ.