hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:04



කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු පලාගිය රැඳවියන් 136 දෙනා අතුරින් මේ වන විට රැඳවියන් 129 දෙනකු අත්අඩංගුවට ගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පුවත්පතකට සඳහන් කළා.

පලාගිය රැඳවියන් අතුරින් 34 දෙනකු ඊයේ දහවල් වනවිටත් සොයාගැනීමට අපොහොසත් වූ අතර ඔවුන් සොයා යුද හමුදාව සහ පොලිසිය සෝමාවතී රක්‍ෂිතය සහ ඒ අවට ප්‍රදේශවල මෙහෙයුමක් ආරම්භ කර තිබිණ.

පෙරේදා දහවල් වනවිට අත්අඩංගුවට ගෙන සිටි රැඳවියන්ගෙන් 24 දෙනෙක් පුලස්තිපුර, 19ක් පොළොන්නරුව, 34ක් හිඟුරක්ගොඩ සහ 25ක් මීගස්වැව, පොලිස් ස්ථානවල රඳවා සිටියා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ඉදිකර ඇති කන්දකාඩු කඳවුරේ 485 දෙනකු පුනරුත්ථාපනය වෙමින් සිටින බව මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් දිවයින වෙත ප්‍රකාශයක් කරමින් රවී හේරත් මහතා මෙසේ ද පැවසුවා.