hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 අගෝස්‍තු 05, පෙ.ව. 10:27



සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු අද (05) ආරම්භ කෙරෙනවා.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි දී කප් සිටුවීමේ මංගල්‍යය අද පෙරවරු 4.10ට යෙදී තිබු සුභ මොහොතින් සිදු වුණා.

කප් සිටුවීමෙන් අනතුරුව දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වා ප්‍රථම කුඹල් පෙරහර මේ මස 10 වනදා වීථි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: