hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:02



ණ්ඩුව කළ යුත්තේ උදය ගම්මන්පිලට පාස්කු විමර්ශන වාර්තා ලැබුණු සැටි සෙවීම නොව ප්‍රහාරයේ වැරදිකරුවන් සෙවීම බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

වර්තමාන ජනාධිපතිවරයා එම ධුරයට පත්වීමට පෙර මහජන ධනය වියදම් කොට සකස් කළ මෙම වාර්තා වහාම ප්‍රසිද්ධියට පත්කළ යුතු බව ප්‍රකාශ කළ බව ද හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දැන් ඔහු බලයට පත්ව එම වාර්තා ප්‍රසිද්ධියට පත් නොකරන්නේ ඔහුගේ ආණ්ඩුවේ නිලධාරීන්ට එම වාර්තා මගින් චෝදනා එල්ල වීම නිසා ඔවුන් ආරක්ෂා කිරීමට දැයි බලවත් සැකයක් උපදින බව ද කාවින්ද ජයවර්ධන සඳහන් කරයි.

එහෙයින් මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ පරිදි වහාම එම වාර්තා ප්‍රසිද්ධියට පත්කොට එහි එන නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

ඊයේ (20) සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: