hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 09, ප.ව. 2:52



මුලතිව් පුදුකුඉරිප්පු පොලිස් වසමේ උදයාර්කට්ටු කුරවිල් ප්‍රදේශයේ පිහිටි ඉඩමක තිබූ ළිඳක ජලය සමග භූමිතෙල් මිශ්‍ර වී තිබීම හේතුවෙන් අදාල ඉඩම සහිත ප්‍රදේශයට සහ ළිඳෙන් ජලය ලබානොගන්නා ලෙසින් පුදුකුඩිඉරිප්පු පොලීසිය ජනතාවට දැනුම් දී ඇත.

පසුගිය දිනක අදාල ඉඩමේ හිමිකරු විසින් ළිඳ පිරිසිදු කොට ජලය ලබාගැනීමට ගත් උත්සහයකදී ළිඳේ ජලය වෙනත් වර්ණයක් ගැන්වී භූමිතෙල් අග්‍රහනයක් දැනීම හේතුවෙන් ඒහි ජලය ගෙන ගිනිදැල්වීමේදී ක්ෂණිකව දැල්වීම හේතුවෙන් ළිඳෙ ජලයට භූමිතෙල් මිශ්‍ර වී ඇති බවට ප්‍රදේශයේ ග්‍රාමසේවකවරයාට දැනුම් දීමට නිවසේ හිමිකරු විසින් පියවර ගනු ලැබුවා.

අනතුරුව ග්‍රාමසේවකවරයා මේ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලීසියට මේ බව දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේදී ජල සමග භූමිතෙල් මිශ්‍ර වී ඇති බවට අනාවරනය වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් අදාල ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙසින් නම් කර තිබෙනවා.

ඒමෙන්ම කිසිවෙකුටත් අදාල ළිඳෙන් ජලය නොගන්නා ලෙසටත් අදාල ළිඳ සහ අවට ප්‍රදේශයේ පරික්ෂා කිරීම් කටයුතු සිදු කොට අවසන් වන තුරු ඒම ප්‍රදේශයට නොයන ලෙසටද ජනතාවට දැනුම් දීමට පියවර ගන්නා ලදි.

කෙසේ වෙතත් අදාල ළිඳේ ජලයට භූමිතෙල් මිශ්‍ර වීම සම්බන්ධයෙන් පොලීසිය මෙන්ම අවට ජනතාව සැකපල කර සිටින්නේ අදාල ඉඩම ආසන්නයේ යුද සමයේදී ඒල්.ටී.ටී.ඊ. කඳවුරක් පිහිටා තිබූ බවටත් ඒහිදී ඒල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විසින් ඉන්ධන ටැංකි භූගතව ගබඩා කිරීම් සිදුකොට ඇති බවටත් ඒසේ ගබඩා කරන ලද භූමි තෙල් ටැංකියකින් කාන්දු වී මෙලෙස ළිඳෙ ජලය සමග මිශ්‍ර වී ඇති බවටත්ය.

කෙසේ නමුත් මෙි පිළිබඳව පොලීසිය විසින් මුලතිව් අධිකරණයට දැනුම් දී ඉදිරියේදී අදාල ප්‍රදේශය කැනීම් සිදුකොට පරික්ෂණයක් සිදුකිරීමට පියවර ගන්නා බවටද පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසුවා.