hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 29, ප.ව. 9:54



තමාට තනතුරෙන් ඉවත් වෙන්න යැයි ලිඛිතව ඉල්ලීමක් කර තිබූ බව සංචාරක මණ්ඩලයේ හිටපු සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා.

තමන්ට මෙතෙක් අමාත්‍යවරයාගෙන් කිසිදු දුරකථන ඇමතුමක් නොලැබුණු බවද ඇය පවසා සිටියා.

මෙලෙස ඉවත් වන ලෙස ලිපියක් ලැබුණු පසු තමා දුරකථන ඇමතුමක් ලබා ගැනීමට කටයුතු කළ බවත් තමා ළඟ අමාත්‍යවරයාගේ දුරකථන අංකයක් හෝ නොමැති බවද ඇය සඳහන් කළා.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ වනතුරු තමාට කිසිම දුරකථන ඇමතුමක් ලබා නොදුන් බවත් මේ වෙන තෙක් කතා නොකළ බවද ප්‍රනාන්දු මහත්මිය පවසා සිටියා.

හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පිටුපස කල්ලියක් සිටින බවද ඇය පවසා සිටියා.

සංචාරක මණ්ඩලයේ හිටපු සභාපතිනිය ලෙස තමා කළ වැඩ කටයුතු සෑම දෙයක්ම වෙබ් අඩවියේ ඇති බවත් ඇය සඳහන් කළා.

තමා ඉවත් කිරීම සම්බන්ධයෙන් හිතට දුකක් නැති බවත් තමාට ඇති ජනතා ආදරය නිසා හරි දෙයක් කළා කියන හැගීම තිබෙන බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.