hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:29



දේශපාලකයන් තමන්ට හිතවත් සහ අහිතවත් ලෙස භික්ෂුන් වහන්සේලා බෙදන්නේ නම් එය ශෝචනීය තත්ත්වයක් බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම සභාවේ මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි පවසයි.

ශ්‍රී ලංකාවේ අගනුවර වන කෝට්ටේ වැඩ වාසය කරන සිය නිකායේ මහානාහිමි බැහැදකින්ට වර්තමාන රාජ්‍ය නායක අනුර දිසානායක තවමත් ගොස් නැතැයි උන් වහන්සේ සඳහන් කරයි.

භික්ෂූන් වහන්සේ කුමක් කීව ද එය දරා ගැනීමේ පෞර්ෂයක් දේශපාලකයන්ට තිබිය යුතු බවත් තමා අනුශාසනාව සඳහා සූදානම් වන විට නගරාධිපති සහ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීතුමිය සභාවෙන් නැගිට ගිය බව ද එහිමියන් පෙන්වා දෙයි.

චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීපාල, රනිල්, ගෝඨාභය ආදි නායකයන්ගේ අඩුපාඩු කීව ද කිසි දිනක ඔවුන් තමන් සමග අමනාප නොවූ බව ද මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි වැඩි දුරටත් පවසයි.

පානදුර ගල්ගොඩ විහාරස්ථානයේ පැවති උත්සව අවස්ථාවක් අමතමින් උන් වහන්සේ මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: