2025 අප්‍රේල් 06, ප.ව. 7:59
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
මියයන විට ඔහු ඔහු වයස අවුරුදු 38 පසුවිය.
හදිසි හෘදයාබාධයකින් පසු ඔහු කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් ටික කලකට පසු මිය ගිය බව වාර්තා වේ.
කෝසල නුවන් අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරයකු සහ ජාතික ජන බලවේගය තුළ කැපී පෙනෙන තරුණ චරිතයක් විය.
කෝසල නුවන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ඉතා දක්ෂ ලෙස ප්‍රශ්ණ ඇසූ ඉතා ගැඹුරු ලෙස දත්ත හොයාගෙන ඒවා ගැන නිතරම ප්‍රශ්ණ කරමින් සෑහෙන කැපී පෙනෙන සේවාවක් ඉටු කරනු ලැබුවා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව , ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව , කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව , විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව , තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඇතුළු කාරක සභා කිහිපයකම ඒ මහතා සාමාජිකත්වය දරා තිබෙනවා.
2025 අප්‍රේල් 08, පෙ.ව. 12:25
2025 අප්‍රේල් 08, පෙ.ව. 12:23
2025 අප්‍රේල් 08, පෙ.ව. 12:23
2025 අප්‍රේල් 08, පෙ.ව. 12:22
2025 අප්‍රේල් 08, පෙ.ව. 12:21